hit counter

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 09, ප.ව. 5:45



හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (09) උදෑසන ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළා.

අද (09) උදෑසන 10.05 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් , ඔහු මුලින්ම ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණා.

ඉන්පසුව එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතයි.

ටී.කේ.ජි.කපිල