2022 සැප්‍තැම්‍බර් 11, ප.ව. 5:16
අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
අද (11) පෙරවරුවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය හමු වී දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.
මහකොමසාරිස් කාර්යාලය වෙත පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය විසින් පිළිගන්වා තිබෙනවා.
මහා බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් දෙව්මැඳුරේ ලබන 19 වන දින දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අනතුරුව එහි තැන්පත් කර ඇති විශේෂ සමරු ග්‍රන්ථයෙහි ශෝක සටහනක් තැබු රනිල් වික්‍රමසිංහ මහතා දෙවන එළිසබෙත් මහ රැජිණ දශක 07ක් පුරා ලෝක ජනතාව වෙනුවෙන් ඉටු කළ මහඟු සේවය ඇගයීමට ලක් කළා.
2025 අප්‍රේල් 25, පෙ.ව. 12:35
2025 අප්‍රේල් 25, පෙ.ව. 12:25
2025 අප්‍රේල් 25, පෙ.ව. 12:23
2025 අප්‍රේල් 25, පෙ.ව. 12:21
2025 අප්‍රේල් 25, පෙ.ව. 12:15