hit counter

2025 ජූලි මස 31 වන බ්‍රහස්පතින්දා

2022 අප්‍රේල් 27, ප.ව. 3:10



සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ සතොස ශාඛාව වෙතින් පාරිභෝගිකයන්ට නිකුත් කරන ලද සහන මල්ල ලබන මස (15) දින දක්වා තවදුරටත් පාරිභෝගිකයන්ට ලබා දිමට සතොස පාලන අධිකාරිය කටයුතු කර තිබෙනවා.

සහල්, කිරිපිටි පැකට්ටුවක් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් ඇතුලත් සහන මල්ලක් රු.1950/= මිලකට හැටන් සතොස ශාඛාව විසින් පාරිභෝගිකයන්ට ලබා දෙන අතර, එම සහන මල්ල වෙලදපොලේ පවතින මිලට වඩා රු.900 කින් පමණ වාසියක් පාරිභෝගිකයන්ට ලැබෙන බවයි හැටන් සතොස ශාඛාවේ කළමනාකරු කියා සිටියේ.

සතොස සහන මල්ල මිලදී ගැනිමට වතුකරයේ ජනතාව ඇතුළු හැටන් ප්‍රදේශයේ ග්‍රාමිය ජනතාව ඊයේ (26) දින හැටන් සතොස ශාඛාව ඉදිරිපිට දිගු පෝලිම් වල රැදි සිටින අයුරු අප ඒෂියන් මිරර් වාර්තාකරුගේ කැමරාවේ සටහන් වුණා.