hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 8:30



රටවල් 53 ක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ලෝක බැංකුවේ යාවත්කාලීන කිරීමකට අනුව 2022 වසරේ ඉහළම ආහාර මිල උද්ධමනය ඇති රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී තිබෙනවා.

නවතම යාවත්කිරීම අනුව ශ්‍රී ලංකාව ඉහළම නාමික ආහාර උද්ධමනය ඇති රටවල් අතර සිව්වන ස්ථානය ලබාගෙන ඇත්තේ වසරින් වසර නිකුත් කරන දත්ත මත 91% අගයක් ලබා ගනිමින්.

2021 සැප්තැම්බර් මාසයේදී 9.9% ක් වූ ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේදී 45.1% සිට 2022 ජූලි මාසය දක්වා 90.9% දක්වා මාස හතරක කාලසීමාවක් ඇතුළත අහස උසට නැඟී ඇති බවයි එම වාර්තා සඳහන් කරන්නේ.

වසරින් වසර පදනම මත 353% ක ආහාර උද්ධමනය සමඟින් සිම්බාබ්වේ ලැයිස්තුවේ ඉහළින්ම සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: