2022 සැප්‍තැම්‍බර් 21, ප.ව. 8:39
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටියදි පසුගිය 16 වැනි දින අතුරුදන් වූ අංජන කුලතුංග නමැති සිසුවාගේ සිරුර අද (21) පස්වරුවේ හමු වී තිබෙනවා.
ඒ මහවැලි ගඟේ තිබියදීයි.
පසුගිය 16 වැනි දින සිට මෙම ශිෂ්‍යයා අතුරුදන් ව ඇති බවට පේරාදෙණිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුවයි පොලිසිය සිසුවා සෙවීමෙ මෙහෙයුම් ආරම්භ කළේ.
මෙලෙස අතුරුදන් වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මනෝ විද්‍යාව අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක්.
එම ශිෂ්‍යයා විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක් ද ඔහු නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී සොයාගෙන තිබුණා.
ගම්පහ – යක්කල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියෙහි පසුවන මෙම සිසුවා සියදිවි හානී කරගෙන ඇති බවටයි සැක කෙරෙන්නේ.
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:13