2022 සැප්‍තැම්‍බර් 23, ප.ව. 3:58
පාර්ලිමේන්තුවෙන් මාධ්‍යවේදීන්ට අද (23) දහවල් බත් සමඟ ලබා දුන් හාල් මැස්සන් බැඳුමේ තිබී අඩියකට ආසන්න දිග ගෝනි නූලක් හමු වූ බව වාර්තා වෙනවා.
මාධ්‍යවේදියකු ආහාර ගනිමින් සිටියදී මෙම ගෝනි නූල හමු වීමෙන් පසු මාධ්‍යවේදීයා ඒ අවස්ථාවේදී ම භෝජන අංශයේ ප්‍රධානීන්ට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ගෝනි නූල ඔවුන්ට භාර දී තිබෙනවා.
හාල්මැස්සන් බැදුමේ තිබී ගෝනි නූල හමුවීමෙන් පසුව ඇතැම් මාධ්‍යවේදීහු ඒ මොහොතේ ම ආහාර ගැනීම නවතා දැමූ බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුට ඊයේ (22) දහවල් මාළු විෂවීමෙන් දැඩි ලෙස රෝගාතුරවීම නිසා නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
දැඩි ලෙස රෝගාතුර වූ පොලිස් නිලධාරීන් දෙදෙනාට පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව දෙදෙනා ගිලන් රථයකින් පොලිස් රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
2026 මාර්තු 04, ප.ව. 9:45
2026 මාර්තු 04, ප.ව. 9:26
2026 මාර්තු 04, ප.ව. 8:33
2026 මාර්තු 04, ප.ව. 5:00
2026 මාර්තු 04, පෙ.ව. 10:51
16-02-26
16-02-26
09-02-26
09-02-26
02-02-26
02-02-26
30-01-26
30-01-26
27-01-26
27-01-26
20-01-26
20-01-26
19-01-26
19-01-26
17-01-26
17-01-26
12-01-26
12-01-26
09-01-26
09-01-26
05-01-26
05-01-26
03-01-26
03-01-26