hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 8:10



වෛද්‍ය ගංජා අපනයනය නීතිගත කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.

ඒ සඳහා අවශ්‍ය නීතිමය ලියකියවිලි සකස් කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තාවෙනවා.

ඒ අනුව දේශීය ඖෂධ අපනයනය තුළින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ උපයා ගත හැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ.

දේශීය ඖෂධ අපනයනය කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා පවතින නීති සංශෝධනය කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: