2022 ඔක්‍තෝබර් 05, ප.ව. 2:46
බාල බොරතෙල් ගෙනවිත් ජනතාවගේ පරිසර ගැටලු ඇති කර ඇති බවත් තෙල් අඩුවට දීමට හැකියාව තිබෙද්දී ඇමැතිවරයා ඒ ගැන නොසලකා හැර ඇති බවත් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පැවසුවා.
මේ වෙනවිට ඉන්ධනහල් වලට ඉන්ධන ඇණවුම් භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවද ඒ මහතා කියා සිටියා.
බොරතෙල් අඩුවට ගැනීමට හැකියාව තිබියදී බොරතෙල් තුන්වෙනි පාර්ශවයක් මගින් කළු කඩවලට ගෙනවිත් ඇති බවත් ඒ මහතා මෙහිදී කියා සිටියා.
බියගම ප්‍රදේශයේ පරිසරයටත් ජනතාවට මෙයින් පීඩා ඇති වී ඇති අතර සේවකයින්ගේ සෞඛ්‍ය තත්ත්වයට ද බලපා ඇති බවයි ආනන්ද පාලිත මහතා කියා සිටින්නේ.
අමාත්‍යවරයා එහි වගකීම බාර ගත යුතු බවත්කොමිස් මුදල් හේතුවෙන් මෙවැනි ක්‍රියා සිදු වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
2025 මාර්තු 12, ප.ව. 3:33
2025 මාර්තු 12, ප.ව. 2:51
2025 මාර්තු 12, ප.ව. 2:28
2025 මාර්තු 12, ප.ව. 1:51
2025 මාර්තු 12, ප.ව. 1:42