hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ඔක්‍තෝබර් 05, ප.ව. 2:46



බාල බොරතෙල් ගෙනවිත් ජනතාවගේ පරිසර ගැටලු ඇති කර ඇති බවත් තෙල් අඩුවට දීමට හැකියාව තිබෙද්දී ඇමැතිවරයා ඒ ගැන නොසලකා හැර ඇති බවත් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පැවසුවා.

මේ වෙනවිට ඉන්ධනහල් වලට ඉන්ධන ඇණවුම් භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවද ඒ මහතා කියා සිටියා.

බොරතෙල් අඩුවට ගැනීමට හැකියාව තිබියදී බොරතෙල් තුන්වෙනි පාර්ශවයක් මගින් කළු කඩවලට ගෙනවිත් ඇති බවත් ඒ මහතා මෙහිදී කියා සිටියා.

බියගම ප්‍රදේශයේ පරිසරයටත් ජනතාවට මෙයින් පීඩා ඇති වී ඇති අතර සේවකයින්ගේ සෞඛ්‍ය තත්ත්වයට ද බලපා ඇති බවයි ආනන්ද පාලිත මහතා කියා සිටින්නේ.

අමාත්‍යවරයා එහි වගකීම බාර ගත යුතු බවත්කොමිස් මුදල් හේතුවෙන් මෙවැනි ක්‍රියා සිදු වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: