hit counter

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 11, පෙ.ව. 6:03



කොළඹ කොටුවේ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ වෘත්තිකයන්ගෙන් රුපියල් කෝටි ගණනින් ආයෝජන ලෙස මුදල් ගෙන කළ වංචා කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කාන්තාව සිය ආයෝජකයන්ට සුරූපී නිළියන් සහ නිරූපිකාවන් සමඟ කිට්ටු සම්බන්ධතා ඇති කර දෙමින් ඒවා වීඩියෝගත කර ඒවා ප්‍රසිද්ධ කරන බවට ආයෝජකයන් බියගන්වමින් මේ චංචාව කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇතැයි වැඩිදුර විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.

මේ කටයුත්තට ඇය විසින් යොදාගෙන ඇත්තේ ඇයට ඉතා විශ්වාසවන්ත සහ සමීප නළු නිළියන් සහ නිරූපිකාවන් කිහිප දෙනකුවයි.

ඒ අය අතරින් 06 දෙනකු පැහැදිලිවම හඳුනා ගැනීමට මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා.

ඔවුන්ගෙන් දෙදෙනෙක් ජනප්‍රිය නිළියන් දෙදෙනෙක්.

තිළිණි ප්‍රියමාලි සමග විවිධ ආකාරයෙන් සම්බන්ධ වූ ප්‍රසිද්ධ චරිත සමාජ මාධ්‍ය තුළ මේ වන විට හෙලිදරව් කරමින් පෝස්ටු පළ වන අතර එම බොහෝ පෝස්ටු නිවැරදි ඒවා නොවන බව නම් ලැයිස්තුවල සිටින අය මාධ්‍ය අමතමින් දන්වා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පේෂල මනෝජ් මෙසේ අදහස් දක්වා සිටියා,

“මෙහෙම දෙයකුත් තියෙනවා. අපි මේ රට තුළ ජනප්‍රිය පුරවැසියන් නිසා අපිට එක එක විදියේ මිනිසුන් ආශ්‍රය කරන්න හම්බවෙනවා. ඒක එදිනෙදා සමාජයේ සාමාන්‍ය දෙයක්. අපි පාරේ යද්දි පවා මිනිසුන් අපි එක්ක ෆොටෝ ගන්නවා. ඒ ගන්නේ කාලාන්තරයක් තිස්සේ දන්නවා වගේ කරට අත දාගෙන එහෙම. කවුරුහරි එහෙම කෙනෙක් පවා වරදකට සම්බන්ධ වුණොත් පොලිසියෙන් හෝ උසාවියෙන් ෆෝන් චෙක් කරද්දී අපි එක්ක ඉන්න ෆො​ටෝ එකක් තිබ්බොත් අපි මොකද කරන්නේ. අපි හරිම සර්ව සාධාරණ විදිහට ජීවත් වෙන්නේ. මම නම් කැමැති නැහැ මොන විදිහකින්වත් ඔළුවේ කැක්කුම් දාගන්න. මේ ර​ටේ නීතියක් තියෙනවා. ඒ වගේම හොඳ පොලිසියක් තියෙනවා. ඒ අයට පුළුවන් මේකට සම්බන්ධ අය හොයන්න.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: