2022 ඔක්‍තෝබර් 14, ප.ව. 1:02
ජාතික හැඳුනුම් පතක් ලබා ගැනීම සඳහා අය කෙරෙන ගාස්තු සංශෝධනය කර තිබෙනවා.
ඒ නොවැම්බර් 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදියි.
එම සංශෝධනය ක්‍රියාත්මක වන බව ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර තිබෙනවා.
ඒ අනුව ජාතික හැඳුනුම්පතක් පළමු වරට ලබා ගැනීමේදී රුපියල් 200ක ගාස්තුවක් ගෙවිය යුතු යි.
එමෙන් ම, එහි අනුපිටපතක් ලබා ගැනීම සඳහා රුපියල් 1,000ක ගාස්තුවක් ගෙවිය යුතු යි.
තව ද ජාතික හැඳුනුම් පතේ සංශෝධිත අනුපිටපතක් ලබා ගැනීම සඳහා රුපියල් 500ක ගාස්තුවක් ද වලංගු කාලය ඉකුත් වූ ජාතික හැඳුනුම් පතක් වෙනුවට නව ජාතික හැඳුනුම් පතක් ලබා ගැනීම සඳහා රුපියල් 200ක මුදලක් ද අය කෙරෙනු ඇති.
එම ගැසට් පත්‍රය පහතින්,
2025 මැයි 09, පෙ.ව. 10:44
2025 මැයි 09, පෙ.ව. 12:27
2025 මැයි 09, පෙ.ව. 12:25
2025 මැයි 09, පෙ.ව. 12:23
2025 මැයි 09, පෙ.ව. 12:23