hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 14, ප.ව. 1:02



ජාතික හැඳුනුම් පතක් ලබා ගැනීම සඳහා අය කෙරෙන ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

ඒ නොවැම්බර් 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදියි.

එම සංශෝධනය ක්‍රියාත්මක වන බව ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ජාතික හැඳුනුම්පතක් පළමු වරට ලබා ගැනීමේදී රුපියල් 200ක ගාස්තුවක් ගෙවිය යුතු යි.

එමෙන් ම, එහි අනුපිටපතක් ලබා ගැනීම සඳහා රුපියල් 1,000ක ගාස්තුවක් ගෙවිය යුතු යි.

තව ද ජාතික හැඳුනුම් පතේ සංශෝධිත අනුපිටපතක් ලබා ගැනීම සඳහා රුපියල් 500ක ගාස්තුවක් ද වලංගු කාලය ඉකුත් වූ ජාතික හැඳුනුම් පතක් වෙනුවට නව ජාතික හැඳුනුම් පතක් ලබා ගැනීම සඳහා රුපියල් 200ක මුදලක් ද අය කෙරෙනු ඇති.

එම ගැසට් පත්‍රය පහතින්,