hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 18, ප.ව. 12:55



මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ ආශිර්වාදයෙන් ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය පසුගිය 14 හා 15 යන දෙදින චාරිත්‍රානුකූලව පැවැත්වුණා.

ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරාධිපති වෙඬරුවේ උපාලි නාහිමිපාණන් වහන්සේගේ උපද්ශකත්වයෙන් මෙම කඨින චීවර පූජෝත්සවය සිදු කළ අතර ඊට බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වුණා.

කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමාධිපතිනී කොත්මලේ සුධර්මා සිල් මෑණියගේ සංවිධායකත්වයෙන් පැවති මෙම පූජෝත්සවයේදී මුළුතැන් බුද්ධ පූජාව සහ කප්රුක සහිත කඨින චීවර පූජාව සහ සියක් නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිනාවක් පිරි නැමීමද සිදු වුණා.

මෙම අවස්ථාවට දියඩවන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද සහභාගි වී සිටියා.