hit counter

2026 ඔක්‍තෝබර් මස 02 වන සිකුරාදා

2022 මැයි 01, පෙ.ව. 3:08



කොළඹ නගරය අවට අද(01) විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නංවා තිබෙන බව පොලීසිය පවසනවා.

ඒ ලෝක කම්කරු දිනය හේතුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාලි හේතුවෙන්.

එමෙන්ම පිට පළාත්වල පැවැත්වෙන පෙළපාලි සහ රැස්වීම් සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු නිලධාරීන්ට මේවන විටත් නියෝග ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

එමෙන්ම කොළඹ නගරයේ සහ නුගේගොඩ පැවැත්වෙන පෙළපාලි හා රැස්වීම් පිළිබඳ පොලීසිය අවධානය යොමු කර තිබෙනවා.

නියමිත රාජකාරී ආවරණය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබෙන බවයි පොලීසිය පැවසූවේ.