hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 31, පෙ.ව. 5:35



දකුණු කොරියාවේ සෝල් අගනුවර සැමරුම් උත්සවයක් අතර ඇතිවූ තෙරපීමකින් මියගිය ශ්‍රී ලාංකිකයා මහනුවර උඩතලවින්න, මඩිගේ ප්‍රදේශයේ පදිංචි ජී .අයි .මුනව්වර් මුහම්මඩ් ජිනාත් බවට මේ වන විට හඳුනා ගෙන තිබෙනවා.

වසර දෙකක කාලයක් කොරියාවේ රැකියාවක නිරතව සිට තිබෙන ඔහු මෙයට මාස එකහමාරකට පමණ  ඉහතදී මෙරටට පැමිණ විවාහ වී යළි විදේශ ගතව තිබෙන බව හෙළිව තිබෙනවා.

මියගිය ජිනාත්ගේ ඥාති සහෝදරයෙකු වන එම්.අර්සත් මෙසේ පැවසුවා,

“මියගිය ජිනාත් විවාහ වෙලා මාස දෙකයි. එයා විවාහ උත්සවයෙන් පසු කොරියාවට ගිහින් මාස එකහමාරයි. ඒ රටේ පටු වීදියක තිබ්බ උත්සවයකදී තෙරපීමකට ලක්වෙලා මිය ගියා කියලා තමයි දැන ගන්න තියෙන්නේ. එයාගේ අම්මයි තාත්තායි ලෙඩින් ඉන්නේ. අක්කා විවාහ වෙලා. මල්ලී නෙනෙකුත් ඉන්නවා. බිරිද මඩකළපුවේ ඉන්නේ. මේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් කරන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා.”

මියගිය ජිනාත්ගෙ පියා වන 64 හැවිරිදි ජී.අයි.එම්.මුනාෆර් මෙන්ම ඔහුගේ මව වන 58 හැවිරිදි එච්.යූ.ෂමීලාද රෝගීන් වන අතර තම නිවසේ පවතින දැඩි අගහිඟකම් හේතුවෙන් තම පුත්‍රයා රැකියාවක් සඳහා විදේශගත වූ බවද මෙම මරණය අදහා ගත නොහැකි බවද දෙමාපියෝ පවසයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: