hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 12, ප.ව. 4:58



ස්ත්‍රී දුෂණ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධනිෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීමට මුදල් සොයා ගැනීමට නොහැකිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි අසීරුතාවට පත්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති අංශයේ හිටපු ප්‍රධානි චානක සේනානායක මහතා චෝදනා කරනවා.

ඔහු මෙම චෝදනාව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට එල්ල කළේ ඊයේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.

ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට ස්ත්‍රී දුෂණ චෝදනාවක් එල්ල වූ අතර ඒ අනුව ඔහු මේවන විට පසුවන්නේ ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් පොලිස් අත්අඩංගුවේයි.

පසුගිය සඳුදා ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය හමුවට ධනිෂ්කව ඉදිරිපත් කෙරුණත් එහිදී ධනිෂ්කගේ ඇප ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේපකරනු ලැබුවා.

කෙසේ වෙතත් ධනිෂ්කට ඇප ලබා ගැනීම සඳහා යළි ඇප අයදුම් පතක් අද ඉදිරිපත් කිරීමට ධනිෂ්ක වෙනුවෙන් පෙනීසිටින නව නීති ආයතනය සූදානම්ව සිටියත් එය අද ඉදිරිපත් කළේ නැහැ.