hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2022 මැයි 03, ප.ව. 5:32



විරෝධතා පාගමනකින් අරගල භූමියට පැමිණි අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය මේ වන විට විරෝධතාවක් පවත්වමින් සිටිනවා.

එහිදී ආණ්ඩුවට විශේෂ නියෝගයක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ භික්ෂූන් වහන්සේ නමක් විසින් අරගල භූමියේදී කරුණු 12කින් සමන්විත එම නියෝගය ප්‍රකාශයට පත් කළා.

එම කරුණු 12 වහා ඉටු කළ යුතු බවට අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය බල කර තිබෙන අතර එම නියෝගය සමස්ත දේශපාලන අධිකාරියටම පනවන බවත් සඳහන් කළා.