hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2022 නොවැම්‍බර් 24, ප.ව. 4:52


මිනිස් ජාවාරමට සම්බන්ධ මහමොළකරු යළි රිමාන්ඩ්

ඕමාන මිනිස් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු වන රිස්වි නමැත්තා දෙසැම්බර් 08 දක්වා යළි රිමාන්ඩ් කිරීමට අධිකරණය අද (24) තීරණය කර තිබෙනවා.

ඕමානය සහ ඩුබායි රාජ්‍යයන්හි රැකියා ලබාදෙන බව පවසා මිනිස් ජාවාරම් සිදුකළ මොහු පසුගියදා (20) කටුනායක ගුවන්තොටුපල පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගත්තේ 44 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.