hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 27, පෙ.ව. 8:17



නිෂ්පාදන පිරිවැය ආවරණය කර ගැනීමට හා අලාභය අවම කර ගැනීම සඳහා විදුලි හා ජල ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව විෂයභාර අමාත්‍යවරුන් පවසනවා.

විදුලි බල බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, පසුගියවර සිදුවූ විදුලි ගාස්තු සංශෝධනය තුළින් ලබා දුන්නේ විදුලි බල මණ්ඩලය ඉල්ලුම් කරන ලද ගාස්තු සංශෝධනයට වඩා අඩු සංශෝධනයක් බවයි.

ඒ අනුව විදුලි බිල යළි සංශෝධනය කිරීමකින් තොරව ගමන් කළ නොහැකි බවත් අත්‍යවශ්‍ය සේවා සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත් කළ යුතු බවයි කංචන විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ජල නිෂ්පාදන පිරිවැය වැඩිවීම හේතුවෙන් යම්කිසි මිල වැඩි කිරීමට යාමට සිදුවන බවයි ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කළා.