hit counter

2025 අගෝස්‍තු මස 04 වන සඳුදා

2022 නොවැම්‍බර් 29, ප.ව. 5:33



මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පල්ලියපිටිය රණසිංහ ප්‍රාථමික විද්‍යාලයට සැහැල්ලු ඇඳුමක් හැඳ පැමිණි ගුරුවරියකට දෙමාපියන් පිරිසක් “හූ” කියමින් විරෝධය පළ කර තිබෙන බව වාර්තා වෙනවා.

මෙම විදුහලේ පළමු ශ්‍රේණියේ ගුරුවරියක් ඊයේ (28) ළමුන්ට ඉගැන්වීමට සැහැල්ලු ඇඳුමකින් සැරසී පාසලට පැමිණ තිබෙනවා.

එම ගුරුවරිය මෙලෙස සැහැල්ලු ඇඳුමින් සැරසී ළමුන්ට ඉගැන්වීම් කටයුතු කරන්නේනම් ළමුන් පාසලට එවීමෙන් වළකින බව පවසමින් දෙමාපියන් පාසල ඉදිරිපිටට පැමිණ හූ කියමින් මෙලෙස සිය විරෝධය පළ කර තිබෙනවා.

එසේම මෙම ගුරුවරිය සැහැල්ලු ඇඳුමින් පැමිණීම නුසුදුසු බව පවසමින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත දෙමාපියන් විසින් පැමිණිල්ලක්ද ඉදිරිපත්කර තිබෙන බව වාර්තා වෙනවා.