hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 01, පෙ.ව. 9:52



නීත්‍යනුකූල නො වන ආකාරයෙන් ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් ව මේ වන විට විදේශයන් හි රැඳි සිටින පුද්ගලයන්ට ද නීත්‍යානුකූල ව සේවයෙන් ඉවත් වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

ඊයේ (30) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“ත්‍රිවිධ හමුදාවේ නීත්‍යානුකූල නොවන ලෙස සේවය හැර ගිය නිලධාරීන්ට හා සෙබළුන්ට පොදු සමා කාලයක් ලබා දී තියෙනවා. එය නොවැම්බර් 15 වෙනිදා සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. නීත්‍යානුකූල නොවන ලෙස ඉවත්ව ගොස් විදේශ රටවල රැකියාවල යෙදෙන නිලධාරින්ට හෝ සෙබළුන්ට ඉන් ඉවත් වීමට මෙම පොදු සමා කාලය තුළ හැකියාව ලැබෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය. ඒ අයට පැමිණීමට අපහසු නම් ඔවුන්ගේ ඥාතීන්ට පැමිණ අවශ්‍ය කරන ලියකියවිලි භාර දී නීත්‍යනුකූලව ඔවුන්ගෙන් ඉවත් වීම සහතික කර ගත හැකි වෙනවා. අද වන විට සේවය හැර ගිය සෙබළුන් 14127ක් යලි රපෝර්තු කර තියෙනවා. ලංකාවේ ඉන්න අයටත් නීත්‍යනුකූලව ඉවත් වෙලා අවශ්‍ය නම් දේශීයව හා විදේශීයව රැකියාවල යෙදීමට බාදාවකින් තොරව අවස්ථවා ලැබී තියෙනවා.”