2022 දෙසැම්බර් 01, පෙ.ව. 11:00
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ්භාරයේ රඳවා සිටි සැකකරුවෙකු මහර බන්ධනාගාරය තුළදී මියයාමට අදාළව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාව හා බන්ධනාගාරයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්වරිය මහර බන්ධනාගාරයේ අධිකාරීවරයාට නියෝග කළා.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් පරීක්ෂණ පවත්වා වරින්වර සැකකරුවන් 40දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරුවන් අතරින් 04දෙනෙකු ඇප මත මුදාහැර තිබෙනවා.
අනෙක් සැකකරුවන් 36දෙනා රිමාන්ඩ්භාරයේ රඳවා තිබුණා.
ඒ අනුව මීට අදාළ නඩුව පෙරේදා නැවත කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකරුවන් විවෘත අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර, රිමාන්ඩ්භාරයේ රඳවා සිටින සැකකරුවන් 35දෙනෙකු මහර බන්ධනාගාරයේ සිට ස්කයිප් ඔස්සේ අධිකරණය ඉදිරියේ පෙනී සිටියා.
මෙහිදී මහර බන්ධනාගාරයේ බන්ධනාගාර නිලධාරියෙකු විවෘත අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් රිමාන්ඩ්භාරයේ රඳවා සිටි ඇන්ටන් ග්රේබ්රියල් නැමැති සැකකරු කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පවසා සිටියා.
මෙහිදී නීතිඥ ප්‍රියංකර මාරසිංහ මහතා කරුණු දක්වමින් රිමාන්ඩ්භාරයේ රඳවා සිටින එක් සැකකරුවෙකු විවෘත විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ විභාගයකට පෙනී සිටීමට නියමිතව ඇති බැවින් එම සැකකරු විවෘත විශ්වවිද්‍යාලයට යා යුතු බැවින් බන්ධනාගාර නිලධාරීන් භාරයේ එම සැකකරුට විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන මෙන් ඉල්ලා සිටියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ රහස් පොලිස් සැරයන් රංජිත් මහතා කරුණු දක්වමින් පරීක්ෂණ කටයුතු අවසන් වී ඇති නඩු භාණ්ඩ කිහිපයක් අධිකරණයට භාරදීමට අවසර ලබාදෙන මෙන්ද ඉල්ලා සිටියා.
දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව මහේස්ත්‍රාත්වරිය කරුණු දක්වමින් මේ සම්බන්ධ නඩු ගොනුව ප්‍රමාණයෙන් විශාල වී ඇති හෙයින් එය මේ පවතින තත්ත්වය අනුව තිබුණහොත් විනාශ වී යාමට ඉඩ ඇති හෙයින් එය කොටස් තුනකට වෙන් කර තැබීමට කැමැති දැයි දෙපාර්ශ්වයෙන්ම විමසා සිටියාය. මෙහිදී පැමිණිල්ල හා විත්ති පාර්ශ්වයේ නීතිඥ මහත්ම මහත්මීන් එයට කැමැත්ත ප්‍රකාශ කරනු ලැබුවා.
මහර බන්ධනාගාරය තුළ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව කියන සැකකරු පිළිබඳ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාව හා බන්ධනාගාරයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය මහර බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා.
නීති විභාගයකට පෙනී සිටීමට නියමිත සැකකරු වෙනුවෙන් විධිමත්ව ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ නියෝගය ලබාදෙන බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය පරීක්ෂණ කටයුතු අවසන් වී ඇති නඩු භාණ්ඩ අධිකරණයට භාරදීමටද නියෝග කළා.
සියලු සැකකරුවන් පිළිබඳ වෙන් වෙන් වශයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා අවසන් කර ඒ පිළිබඳ වාර්තා ඊළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, රිමාන්ඩ්භාරයේ රඳවා සිටින සැකකරුවන් 35දෙනා තවදුරටත් රිමාන්ඩ්භාරයේ රඳවා තැබීමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවා.
මීට අදාළ නඩුව නැවත කැඳවීම දෙසැම්බර් මස 12වැනිදාට කල් තැබුවා.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06