hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 03, පෙ.ව. 8:22



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා පොහොට්ටුවේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සමඟ කළ සුහද සාකච්ඡාවකදී සඳහන් කර ඇත්තේ තමාගේ බලාපොරොත්තුව මහින්ද රාජපක්ෂ මහතාට නැවත අගමැති ධූරයට පත් කර ගෞරවාන්විත සමුගැනීමක් ලබා දීම බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් නැවත මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයට පත් කිරීමට රහස් සාකච්ඡා පවත්වන බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: