hit counter

2026 ජූනි මස 08 වන සඳුදා

2022 දෙසැම්‍බර් 04, ප.ව. 3:24



පේරාදෙණිය ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කළ වෛද්‍යවරියක් සියදිවි හානිකරගෙන තිබෙනවා.

කඩුගන්නාව පොලීසිය පැවසුවේ එම වෛද්‍යවරිය ඌරාපොල ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදි ගෙළවැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි වෛද්‍යවරියක්.

සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කඩුගන්නාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.