2022 දෙසැම්‍බර් 06, පෙ.ව. 1:34
කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකු මේ සතියේ දිවුරුම් දීමට සූදානම් බව රජයේ ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව හිටපු අමාත්‍යවරුන් වන කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න සහ දුමින්ද දිසානායක නව කැබිනට් අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට නියමිතයි.
මෙම මන්ත්‍රීවරුන්ගෙන් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඔහු මීට පෙර අවස්ථාවක කටයුතු කළ පරිදි ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසත්, රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දීමට සූදානම් බවයි වාර්තා වන්නේ.
දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා විදුලි බල අමාත්‍යවරයා ලෙස දිවුරු දීමට වැඩි ඉඩක් පවතින බව එම ආරංචි මාර්ග පැවසුවා.
කෙසේ වෙතත් නව කැබිනට් ඇමතිවරු දිවුරුම් දීමත් සමඟ දැනට කැබිනට් ඇමතිවරු ලෙස කටයුතු කරන ඇමතිවරුන්ගේ විෂයන් වෙනස් වනු ඇති.
ඒ අනුව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර යන කැබිනට් අමාත්‍යවරුන්ට එම අමාත්‍ය ධූර අහිමිවන අතර ඒ සඳහා වෙනත් ඇමති ධූර ලබා දීමට නියමිතයි.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
28-05-25
28-05-25
21-05-25
21-05-25
20-05-25
20-05-25
20-04-25
20-04-25
17-04-25
17-04-25
15-04-25
15-04-25
11-04-25
11-04-25
11-04-25
11-04-25
10-04-25
10-04-25
09-04-25
09-04-25
19-03-25
19-03-25
26-02-25
26-02-25