2022 දෙසැම්‍බර් 07, ප.ව. 12:26
බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයට ඇතුල්වන දෙවැනි දොරටුව අසල පොළව යට වලදමා තිබියදි කුඩා ප්‍රමාණයේ ජංගම දුරකථන 05ක්, චාජර් 05ක්, සිම්කාඩ්පත් 05ක් ඊයේ (06) පස්වරුවේදී හමුවී ඇති බැව් බූස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
සිරකරුවන් විසින් බූස්ස බන්ධනාගාර පරිශ්‍රය තුල කාණුවක් අලුත් වැඩියා කරමින් සිටියදි ඔවුන් භාරව සිටි බන්ධනාගාර නිලධාරින්ට මෙකි ජංගම දුරකථන 05ක් හමුවී තිබෙනවා.
අගල් 06ක් පමණ යටට පස් දමා දුරකථන සගවා තිබි ඇති බවයි වාර්තා වන්නේ.
බූස්ස බන්ධනාගාරය තුල පොලිස් විශේෂ කාර්යබලකාය විසින් අඛන්ඩව මෙහෙයුම් සිදුකරන අතර මෙම ජංගම දුරකථන සීල්කොට වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා බන්ධනාගාර මුලස්ථානය වෙත යොමු කිරිමට කටයුතු කළ බව බූස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
ගාල්ල – ලලිත් චාමින්ද
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:08