hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 08, පෙ.ව. 7:50



සියලුම විදුලි පාරිභෝගිකයන් ලබන ජනවාරි සිට කඩදාසි විදුලි බිල්පත වෙනුවට විද්‍යුත් විදුලි බිල්පතක් හදුන්වාදීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

වීදි ලාම්පු සවි කිරීම සහ වීදි ලාම්පු ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමටත්, වර්තමාන කාර්ය මණ්ඩලයෙන් කළ යුතු බාහිර සේවා සහ විදුලිබල මණ්ඩලයට කළ නොහැකි ව්‍යාපෘති පළාත් පාලන ආයතනවල සහාය ඇතිව කිරීමටත් තීරණය කළ බවත් අමාත්‍යවරයා කියා සිටියා.

ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීන් සමඟ මාර්ගගත ක්‍රමයට ඊයේ (7) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණවලට එළඹි බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: