hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2022 දෙසැම්‍බර් 08, පෙ.ව. 9:43



මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 08 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ, අද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වායි.

කොණ්ඩදෙනිය, කුළුගම්මන, නුගවෙල, රජපිහිල්ල, මැදවල, කුරුගොඩ සහ තෙලඹුගහවත්ත ජලාශ මඟින් ජලය සපයන ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

කටුගස්තොට, යටිවාවල පොම්පාගාරයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි.

මේ අතර මාතර ප්‍රදේශ කිහිපයකට ද අද දිනයේ පැය 08 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ, පෙරවරු 10 යේ සිට පස්වරු 06 දක්වායි.

එම කාලය තුළ මඩිහ, කඹුරුගමුව, කොටවිල, හේනේවල, මිරිස්ස, වැව්හමන්දූව සහ ගාලුපාරේ කඹුරුගමුවේ සිට මිරිස්ස දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

මාලිම්බඩ ජල ටැංකියේ සිට ඉසදින් නගර ජල ටැංකියට ජලය රැගෙන එනු ලබන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ප්‍රදේශවලට මෙලෙස ජල කප්පාදුව සිදුකෙරෙන බව එම මණ්ඩලය වැඩිදුරටත් පවසයි.