2022 දෙසැම්‍බර් 11, ප.ව. 3:14
ශ්‍රී ලංකාවට බලපෑ වායු ගෝලයේ දූෂණ මට්ටම අද (11) පහළ ගොස් තිබෙනවා.
ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය අද (11) පෙරවරුවේ නිකුත් කළ දත්තවලට අනුව මෙරට වායු තත්ත්වය දර්ශකය ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදි පහළ ගොස් ඇති බව දක්නට ලැබෙනවා.
අද උදෑසන 8 වන විට කොළඹ දිස්ත්‍රික්කයේ වායු තත්ත්ව දර්ශකය 123 ක් දක්වා පහළ යාමත් සමග එය යහපත් මට්ටමට වර්ධනය වී තිබෙනවා.
ඊයේ එහි අගය දැක්වුණේ 191 ක් ලෙසයි.
එමෙන්ම පුත්තලම 117, යාපනය 109, මහනුවර 106, පොළොන්නරුව 103, කුරුණෑගල 100, කෑගල්ල 97 ලෙස එම අගය දැක්වෙනවා.
එමෙන්ම ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය පැවසුවේ 101 – 150 මට්ටම සංවේදී කණ්ඩායම් සඳහා සෞඛ්‍යයට අහිතකර බවයි.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06