2022 මැයි 05, ප.ව. 1:01
පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා වැඩි ඡන්දයෙන් තේරී පත් වුණා.
රංජිත් සියඹලාපිටිය මහතාට ලැබූ ඡන්ද සංඛ්‍යාව 148ක් බවත් සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතාට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 65ක් බවත් ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 3ක් බවත් කතානායකවරයා ප්‍රකාශ කළා.
නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද(05) පස්වරු 12:30 ට අවසන් වුණා.
පෙරවරු 10:45 ට ඡන්ද විමසීම ආරම්භ කෙරුණු අතර පසුව ඡන්දය ගණන් කිරීම ආරම්භ විය.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25