hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 05, ප.ව. 1:01


නියෝජ්‍ය කතානායක පුටුව ස්වාධීන කණ්ඩායමට! විපක්ෂයේ මන්ත්‍රී පරාදයි

පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා වැඩි ඡන්දයෙන් තේරී පත් වුණා.

රංජිත් සියඹලාපිටිය මහතාට ලැබූ ඡන්ද සංඛ්‍යාව 148ක් බවත් සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතාට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 65ක් බවත් ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 3ක් බවත් කතානායකවරයා ප්‍රකාශ කළා.

නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද(05) පස්වරු 12:30 ට අවසන් වුණා.

පෙරවරු 10:45 ට ඡන්ද විමසීම ආරම්භ කෙරුණු අතර පසුව ඡන්දය ගණන් කිරීම ආරම්භ විය.