hit counter

2026 ජූනි මස 18 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 15, ප.ව. 1:21



ඊයේ (14) දිනට සාපේක්ෂව දිස්ත්‍රික්ක රැසක වායු ගෝලයේ දූෂණ මට්ටම අද (15) ඉහළ ගොස් තිබූ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවල දැක්වුණා.

මීගමුව නගරයේ වායු තත්ව දර්ශකය 118 ක් ලෙස දැක්වෙන අතර කොළඹ නගරයේ වායු තත්ව දර්ශකය 105 ක් ලෙස දැක්වෙනවා.

මහනුවර වායු තත්ව දර්ශකය 84ක් ලෙස දැක්වෙන අතර සහ අම්බලන්තොට අගය දක්වා තිබුණේ 78ක් ලෙසයි.

නුවරඑළිය ප්‍රදේශයේ 73ක් ලෙසත් බදුල්ල 53ක් සහ දිගන 25ක් ලෙස සටහන් වනවා.