2022 දෙසැම්‍බර් 16, ප.ව. 4:00
            
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා ඊයේ දහවල් කුරුදුවත්ත මල්පාරේ නිවසින් පිටත්ව ගොස් තිබුණා.
ණය මුදලක් ලබා දීමට නියමිත පුද්ගලයෙකු හමු වීමට යන බව ඔහු බිරිදට පවසමින් පිටත්ව ගොස් තිබෙනවා.
ඊට පැය කිහිපයකට පසු ශාෆ්ටර් මහතාගේ දුරකතනයට බිරිද ඇමතුම් ලබා ගත්තද ඉන් ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.
පසුව බිරිද විසින් ශාෆ්ටර් මහතාගේ දුරකථන ඇති ස්ථානය පිළිබඳව සංඥා පරීක්ෂා කිරීමේදී ඔහු බොරැල්ල සුසාන භූමියේ රැදී සිටින බවට සංඥා ලැබී තිබූ බවයි පොලීසිය ප්‍රකාශක කළේ.
ඒ අනුව දිනේෂ් ශාෆ්ටර් මහතාගේ බිරිද ඒ පිළිබඳ ජනශක්ති සමාගමේ විධායක නිලධාරියෙකුට දන්වා තිබෙනවා.
පසුව එම නිලධාරියා පැමිණ සොයා බැලීමේදී ශාෆ්ටර් මහතා මෝටර් රථයේ රියදුරු අසුන මත දෙඅත් ගැට ගසා වයරයකින් ගෙල සිර කර සිටිනු දැක තිබෙනවා.
අදාළ නිලධාරියා වහාම ක්‍රියාත්මක වී සිහිසුන්ව සිටි ශාෆ්ටර් මහතාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පසුව ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ මිය ගියා.
ජනශක්ති සභාපති ඝාතනය : බොරැල්ල කනත්තේ කම්කරුවෙකු සියසින් දුටු දේ පාපොච්චාරණය කරයි
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06