hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 16, පෙ.ව. 9:49



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්නර් මහතා ඊයේ රාත්‍රියේ මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීම සඳහා යන බව බිරිඳට පවසමින්  කුරුඳුවත්ත  මල් පාර නිවසින් සභාපතිවරයා ඊයේ (15) දහවල් පිටත්ව ගොස් තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහුගේ බිරිඳ මද වේලාවක දී ඔහුට දුරකථන ඇමතුම් ලබා ගෙන ඇති අතර සභාපතිවරයාගේ දුරකථනය ක්‍රියා විරහිත ව තිබී ඇති අතර බිරිඳ ජංගම දුරකථනයට ඔහු බොරැල්ල සුසාන භූමිය තුළ රැඳී සිටින බවට සංඥා ලැබී ඇතැයි පොලිසිය සඳහන් කළා.

වහා ක්‍රියාත්මක වූ සභාපතිවරයාගේ බිරිඳ සමාගමේ විධායක නිලධාරියකුට ඒ බව පවසා බොරැල්ල සුසාන භූමිය වෙත එවා ඇති අතර ඔහු පැමිණ කළ සොයා බැලීමේදී සභාපතිවරයා පැමිණි මෝටර් රථයේ රියදුරු අසුන මත ඔහුගේ අත් දෙක ගැට ගසා ගෙලට වයරයක් දමා සිරකර තිබෙන අයුරු දැක තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසුවා.

වහා ක්‍රියාත්මක වූ විධායක නිලධාරියා සුසාන භූමියේ කම්කරු සේවකයකුගේ උදව් උපකාර ඇතිව සභාපතිවරයාගේ අත් දෙක සහ ගෙල තද වන ලෙස ගැටගසා තිබූ වයර් ඉවත්කර ඔහු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය සඳහන් කළා.

මේ අතර සුසාන භූමියේ සිටි කම්කරුවෙකු සියැසින් දැක තිබූ ආකාරය ඔහු විස්තර කර තිබුණා.

ඔහු සඳහන් කර තිබුණේ සභාපතිවරයාගේ මෝටර් රථය සිට නාදුනන පුද්ගලයෙකු පිටත් වන අයුරු තමා දුටු බවයි.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජේ.එම්.ආර් සමරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙනවා.