hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 ජනවාරි 22, ප.ව. 3:45


නානුඔය බස් අනතුරේ රියදුරුට ලැබුණු තීන්දුව

පුද්ගලයින් 07 දෙනෙකුට මරු කැඳවමින් නානු ඔය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරට අදාළව අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරු ලබන මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

ඒ නුවරඑළිය මහේස්ත්‍රාත් නාලක සංජීව එදිරිසිංහ මහතා විසින් ලබාදුන් නියෝගයකට අනුවයි.

බස් රථයේ රියදුරු මේ වන විට තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන අතර මහේස්ත්‍රාත්වරයා රෝහල වෙත ගොස් ඔහුව පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.