2023 ජනවාරි 23, පෙ.ව. 2:53
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට තරග වැදිම සදහා සැකසු අපෙක්ෂක නාම යෝජනා පත්‍රය සිරිකොත පක්ෂ මුලස්ථානයේ අමතක වී පැමිනීමෙන් අදාල නාම යෝජනා භාර දීමට හැකි වි නැතැයි වාර්තා වනවා.
ඒ හේතුවෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට මෙවර පළාත් පාලන මැතිවර්ණයෙදී එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමට අවස්ථාව අහිමි වි තිබෙනවා.
නාම යෝජනා භාර ගැනිම අවසන් වු පසුගිය 21 වැනිදා මෙම නාම යෝජනාව භාර දීමට පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලට වෙන්නප්පුව ආසන සංවිධායක සරත් බරන්පොල මහතා පැමිණි විට එය එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අමතක වී ඇති බව තහවුරු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම නාම යෝජනා අමතක වී තිබිම ගැන එම දිස්ත්‍රික් ලේකම් කාර්යාල අසල රැදි සිටි වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට තරග වැදිමට සුදානමින් සිටි එජාප අපේක්ෂකයින් පිරිසක් සරත් බරන්පොල මහතාට බැන බදිමින් උණුසුම් තත්වයක් ඇතිවුණා.
දැන ගැනිමට හැකිවුයේ මෙම නාම යෝජනා පත්‍රය සිරිකොත පක්ෂ මුලස්ථානයෙන් එළියට රැගෙන ආ නමුත් එහි තාප්පයක් මත තබා කිසියම් කටයුත්තක නිරත වී ඇති බවත් පසුව එය ලබා ගැනිමට අමතක වී ඇති බවයි.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
13-05-25
13-05-25
13-05-25
13-05-25
09-05-25
09-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25