hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 24, ප.ව. 2:37


ආනන්ද පාලිත සහ සංජීව ධම්මික 26 දක්වා රිමාන්ඩ්

සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික යන අය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (24) නියම කරනු ලැබුවා.

ඒ අනුව ජනවාරි මස 26 වනදා දක්වා මොවුන් රක්ෂිත බන්ධනාගාරගත කරනු ඇති.

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කළ සිදුවීමට අදාළවයි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණේ.