hit counter

2024 දෙසැම්‍බර් මස 27 වන සිකුරාදා

2022 මැයි 08, ප.ව. 4:21



යාපනය තෙලිප්පලෙයි රෝහලට ගිලන්රථයකින් රෝගීන් පිරිසක් රැගෙන යමින් සිටි ගිලන්රථ රියදුරෙකු විසින් රෝගීන් ගිලන්රථයේ දමා ආහාර ගැනීම සඳහා ආපනශාලාවකට යාමෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්වීමේ සිදුවීමක් යාපනයෙන් වාර්තා වෙනවා.

අදාල සිදුවීම ඊයේ (07) දිනයේදී සිදුව ඇති අතර අදාල ගිලන් රථයේ රෝගීන් කෑගැසීම හේතුවෙන් අසල සිටි අයෙකු විසින් එහි ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය වෙතට යොමු කොට තිබෙනවා.

වයෝවෘද්ද පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ගිලන් රථයට ඇතුලත් කොට තෙලිප්පලෙයි රෝහලට ගමන් කොට ඇති අතරේ ගිලන්රථ රියදුරු විසින් මාර්ගය අතරමග නවතා ආපනශාලාවකට ගොස් ඇති අතර එහිදී පැය භාගයක පමණ කාලයක් ගෙවා තිබෙනවා.

පසුව තවද රියදුරු විසින් අසල බැංකුවකටද ගොස් පැමිණීම හේතුවෙන් ගිලන් රථයේ සිටි රෝගීන් දැඩි අපහසුතාවයක පත්ව ඇතැයි වාර්ථා වන හෙයින් වහාම අදාල ගිලන් රථරියදුරුගේ ක්‍රියාව සොයා බලන ලෙසටද එම රෝගීන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට තිබෙනවා.