2023 පෙබරවාරි 12, ප.ව. 4:07
ලබන වසරේ සිට 6 ශ්‍රේණියේ සිට සියලු ශ්‍රේණිවල විෂයමාලා යාවත්කාලීන කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.
අටවන ශ්‍රේණියේ සිට කෘත්‍රිම බුද්ධි විෂය ඉගැන්වීම ආරම්භ කිරීමට අදාළ සාකච්ඡා සිදුකරමින් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම කොළඹ පැවති උත්සවයකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තරුණ පරපුරේ අනාගතය රැඳී පවතින්නේ තාක්ෂණික වැඩිදියුණුවත් සමඟ බවයි.
සිසුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථා ක්‍රමානුකූලව ඉහළ නැංවිය යුතු බවත්, විද්‍යා තාක්ෂණ ක්‍ෂේත්‍ර පාඨමාලා වැඩිදියුණු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06