hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 15, පෙ.ව. 6:19



විවාහ මංගල්‍යයක් අතරතුර සිදුවූ සුවිශේෂී සිදුවීමක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුවී තිබෙනවා.

ඒ පසුගියදා චීනයේ ප්‍රාන්තයක පැවති එම විවාහ මංගල්‍යය අතරතුරදී මනාලයාගේ හිටපු පෙම්වතියන් රැසක් සංවිධානය වී විරෝධතාවයක නිරත වීමේ සිදුවීමක්.

එහිදී තරුණියන් පිරිසක් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරතවී ඇති බවයි  විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් එහිදී අදාළ මනමාලයා විසින් තමන් අතීතයේ හොඳ පෙම්වතෙකු නොවුණු බව පවසා ඇතිමුත් ඔහු පැරණි පෙම්වතියන්ගෙන් වෙන්වීමට නිශ්චිත හේතුවක් සඳහන් කර ඇති බව පවසා තිබෙනවා.

පසුව විරෝධතාවයේ නිරත වූ ඔහුගේ පැරණි පෙම්වතියන්ගෙන් සමාව ඉල්ලා ඇති බවයි වාර්තා වෙන්නේ.

එසේම ඔහු එහිදී සඳහන් කර ඇත්තේ සියලුදෙනාම තම පෙම්වතියන්ට සත්‍යවාදී විය යුතු බවය.