hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2026 අගෝස්‍තු 28, ප.ව. 3:10



derana dreams star තරගාවලිය හරහා සුවිශේෂී ගායන කටහඬකින් ප්‍රේක්ෂකයන් හමුවට ආපූ මේ සුන්දර කලාකරුවා හර්ෂ ධනෝෂ්.

ගායකයෙක් විදිහට ප්‍රසිද්ධ වෙන්න කලින් හර්ෂ හොටෙල් ගානෙ ගිහින් ගීත ගායනා කරපු කලාකරුවෙක්.

එය අතීතය නිසාම ඔහුට හොඳට කට්ට කන්න පුළුවන්.

ඒවගේම අද වෙද්දී හඬකැවීම් ශිල්පියෙක් විදියටත් හර්ෂ ප්‍රසිද්ධයි.

හර්ෂගේ පෞද්ගලික ජීවිතේ ගත්තහම ඔහු විවාහ වුණේ ක්ෂේත්‍රයේ දක්ෂ නිරූපිකාවක් වෙච්චි අමායා අධිකාරි සමඟයි.

ඉතින් ප්‍රසිද්ධියේ අමායා කලකට කලින් කියලා තිබ්බා  හර්ෂගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න උත්සාහ කරනවා හේතුව හර්ෂට ආදරේ කරන්න තේරෙන්නේ නෑ.

ඒ වගේම ඔහු වෙන කිසිම දේකටත් වඩා වෙන පුද්ගලයන් අංක එක කියලත් ඇය සඳහන් කරලා තිබුණා. 

හර්ෂ ධනෝෂ් මව්රට – හාර්ට් අතිරේකයට එක්වෙමින් සිය අදහස් මෙසේ ප්‍රකාශ කර තිබුණා.

මට ජීවිතේ වුණු ලොකුම අසාධාරණය තමයි

මගේ දරුවන්ගෙන් මාව වෙන්කළ එක,

ඒ ගැන මම කාටවත් චෝදනා කරන්නෙ නැහැ.

මම කර්මය විශ්වාස කරන කෙනෙක්.

කවදහරි දවසක කැරකිලා මගේ චාන්ස් එක

එයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා

මම කාටවත් හිංසා කරන්නවත්, කාගෙන්වත්

පළිගන්නෙවත් නෑ…!

මම ඉමෝෂනලි ගොඩක් ඩැමේජ් වුණු කෙනෙක්.

මගේ දරුවන් මගේ ළඟ නැති එක ගැන ගොඩක් පසුතැවෙනවා සහ

ඒ අය වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ලෑස්තියි.

පුතාලා දෙන්නා නිසා මම මේ තැන මෙහෙම ඉන්නෙත්.

ඒ දෙන්නා වෙනුවෙන් කරන්න ඕනේ දේවල් ඉක්මණින් ම දවසක කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: