hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 15, පෙ.ව. 10:30



ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ රාජතාන්ත්‍රික නිලධාරීවරයෙකු ඇතුළු 20 දෙනෙකු යුතු  පිරිසක් ඊයේ (14) රාත්‍රී 07.00 ට පමණ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම පැමිණීම වෙනුවෙන් දින 03 ක පමණ කාළයක සිට කටුනායක ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ප්‍රදේශය තුළ ආරක්ෂාව තර කර තිබූ අතර ඊයේ (14) පස්වරුවේ  සිට මෙම ආරක්ෂාව දැඩි කර තිබුණු බව වාර්තා වෙනවා.

මෙම රාජතාන්ත්‍රිකයන් රැගත් ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් Boeing C – 17 A Globemaster – ¡¡¡ වර්ගයේ ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට ඔවුන් භාවිතා කර තිබූ අතර මෙම ගුවන් යානා ග්‍රීසියේ සිට පිටත්ව පැමිණ තිබබෙනවා.

මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයාගෙන් ඒෂියන් මිරර් විමසීමක් කළ විට ඔහු සදහන් කළේ මෙය Top Sectrat Movement එකක් බවයි.

මෙම ගුවන් යානා ඊයේ (14) රාත්‍රී 07.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වූ අතර එයින් සුළු වෙලාවකට පසුව පොලිස් පෙර ගමන් රථ දෙකක් ඇතුළු වාහන 12 ක රථ පෙළකින් මෙම පිරිස කොළඹ බලා රැගෙන යාමට පියවර ගෙන තිබුණා.

මෙම රථ පෙළ ගමන් ගන්නා කාළසීමාව තුළ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය වසා දැමීමට පියවර ගෙන ඇති බව පොලීසියේ උසස් නිලධාරීවරයෙකු පැවසුවා.

මෙම ඇමෙරිකානු රාජතාන්ත්‍රිකයන් පිරිස අද (15) කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ආපසු පිටත්ව යාමට නියමිතයි.