hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2023 පෙබරවාරි 15, ප.ව. 4:55


පොලිස් නිලධාරීන් 4කට මරණ දඬුවම

පුද්ගල ඝාතනයකට වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට අද (15) හම්බන්තොට මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.

මෙලෙස මරණ දඬුවම නියම කෙරුණේ තිස්සමහාරාම පොලීසියට අනුයුක්තව සේවය කළ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 4දෙනෙකුටයි.

2005 වර්ෂයේදී තිස්සමහාරාම ප්‍රදේශයේ වැටලීමක් අතරතුරදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම නිලධාරීන්ට මරණ දඬුවම නියම කෙරුණා.