2023 පෙබරවාරි 16, ප.ව. 1:30
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය අද (16) දින අලුයම කටුනායක ගුවන් තොටුපොලින් පිටත්ව ගොස් ඇත්තේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරට බව වාර්තා වනවා.
ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේ හිටපු ජනාධිපතිවරයා චීනය බලා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බවයි.
ඒ අනුව ඔවුන් අද අලුයම 12.25 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 178 දරන ගුවන් යානයෙන් එසේ පිටත්ව ගොස් තිබෙනවා.
එහෙත් ඔවුන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාම සදහා ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය භාවිතා කර ඇති බව එම ආරංචි මාර්ග සදහන් කළා.
හිටපු ජනාධිපතිවරයාට, සිය පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ ( V.I.P. Lounge ), මුදල් ගෙවා ලබා ගත හැකි සිල්ක් රූට් හෝ ගෝල්ඩ් රූට් පහසුකම් මධ්‍යයේ හෝ එසේ නැතිනම් සාමාන්‍ය ගුවන් මගී පර්යන්තය ඔස්සේ පිටත්ව යාමට පහසුකම් තිබියදීත්, කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය ඔස්සේ පිටත්ව ගොස් ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවා.
2025 අගෝස්‍තු 04, ප.ව. 4:59
2025 අගෝස්‍තු 04, ප.ව. 3:52
2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:51
2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:34
2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:01