hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2022 මැයි 09, ප.ව. 8:19



පටු දේශපාලන අරමුණු පෙරදැරි කරගෙන ගනිමින් සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයන් තරයේ හෙළා දකින බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ රට තුළ උද්ගතව ඇති සමාජ, දේශපාලන හා ආර්ථික අර්බුදවලට විසදුම් ඉල්ලා සාමකාමී අරගලයක නිරත වූ මහජනතාව වෙත එල්ල කළ සාහසික ප්‍රහාරයන් ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම මනුෂ්‍යත්වයට ද නිගා දෙන්නක් බවයි.

ඍජුව සහ වක්‍රව මෙම නින්දිත ක්‍රියාමාර්ගය සදහා අනුබල දුන් දේශපාලන නායකයන්ට ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන මහජන නියෝජිතයන් ලෙස රැදී සිටීමට තවදුරටත් සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි මහනායක හිමිවරුන් අවධාරණය කළේ.