hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 19, පෙ.ව. 9:53



පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ගනිමින් ඇති ක්‍රියාමාර්ගයන්ට එරෙහිව දේශීයව හා ජාත්‍යන්තරව පුළුල් ක්‍රියාමාර්ග රැසක් ගැනීමට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදියර තුනක් යටතේ ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර තිබෙනවා.

එහිදී නීතිමය ක්‍රියාමාර්ග, රට පුරා දැවැන්ත උද්ඝෝෂණ සහ රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

නීතිමය ක්‍රියාමාර්ග යටතේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට, රජයේ මුද්‍රණාලයාධිපතිනියට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

උද්ඝෝෂණ ක්‍රියාමාර්ග යටතේ දිවයින පුරා නොනවතින උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කිරීමට නියමිතයි.

ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකීම වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට සිය බලවේගය සූදානම් බවයි ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේ.

එහි මූලික අදියර වශයෙන් ඊයේ (18) ගම්පහ, මහරගම, හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි මහජන උද්ඝෝෂණ ආරම්භ කළ බවද එය ඉදිරියේ දී රට පුරා පැවැත්වීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

මෙය නොනවතින අරගලයක් බවත් ඉදිරියේ දී මහා ජන ගංගාවක් කොළඹට ගෙන එන බවත් සඳහන් කළ හෙතෙම ඒ සඳහා එක්වන මෙන් සෑම සියලු දෙනාට ආරාධනා කරන බවද කියා සිටියා.