hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2023 පෙබරවාරි 23, පෙ.ව. 9:26



පසුගිය දා අවසන් වූ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු දින නියමයක් නොමැතිව කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය සඳහා ප්‍රමාණවත් ගුරුවරුන් පිරිසක් අයැදුම්පත් ඉදිරිපත් කර නොතිබීම මෙම පියවර ගැනීමට හේතුවී තිබෙනවා.

මෙවන් තත්ත්වයක් පැවතිය ද උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ජූනි මස අවසන් වනවිට නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර පැවසුවා.

පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන්ට ලබා දෙන දීමනාව ප්‍රමාණවත් නොවීම නිසා අයැදුම්පත් ප්‍රමාණවත් සංඛ්‍යාවක් ලැබී නැති බව ද දැන ගැනීමට තිබෙනවා.

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු ඊයේ (22) ආරම්භ කිරීමට නියමිතව තිබුණා.