hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 25, ප.ව. 6:37



කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික්ක 6ක් සඳහා වැසි සහ ප්‍රබල අකුණු ඇතිවීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත්කර තිබබෙනවා.

රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග එලෙස ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

එම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බව සඳහන් කරනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබෙනවා.