hit counter

2026 ජූනි මස 18 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 27, ප.ව. 12:51



ඉන්ධන නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක වන QR ක්‍රමවේදය අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අප්‍රේල් 10 වන දා සිට QR කේත ක්‍රමය අහෝසි කිරීමේ තීරණයක් ගෙන නොමැති බවයි.

මේ වන විට වෙන් කර ඇති ඉන්ධන කෝටා වැඩි කිරීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍රයේ දත්ත විශ්ලේෂණය කරනු ඇති බව කංචන විජේසේකර නිකුත් කළ ට්විටර් පණිඩිඩයේ දැක්වෙනවා.

එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඉදිරි මාස කිහිපය තුළ මුදල් අමාත්‍යංශය සහ අනෙකුත් පාර්ශව සමග සාකච්ඡා කර මේ පිළිබඳ තීරණ ගනු ලබන බවයි.