hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 28, ප.ව. 2:02



යාපනය, කුරුණෑගල, මහනුවර හා හම්බන්තොට යන නගරවල වායුගෝල තත්ත්ව දර්ශකය ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ ඇමරිකානු වායු තත්ත්ව දර්ශකයට අනුව අද (28) උදෑසන මෙම නගරවල ශුද්‍ර අංශු ප්‍රමාණය 101ත් 150ත් අතර මට්ටමේ පැවති බවයි.

මෙය සංවේදි පුද්ගලයින්ට සෞඛ්‍යමය වශයෙන් යම් අපහසුතා ඇතිවිය හැකි අගයක් බව අදාළ නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් හෙට (01) දිනයේ දී වායු දූෂණ තත්ත්වය තරමක් අඩුවිය හැකි අතර, ඉදිරි දින කිහිපයේ දී යළි සැළකිය යුතු මට්ටමකට ඉහළ යා හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.